Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th June 2023 15:11:04 Hours

නැගෙනහිර ආඥාපතිවරයා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි 22 වන පාබල සේනාංකයේ සිය නිල ක්ෂේත්‍ර සංචාරය අතරතුර 2023.06.16 දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමන් මහතා හමුවිය.

ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර කාර්යාල කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී අදහස් හුවමාරු කරගත් අතර ප්‍රදේශය ආශ්‍රිත ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ඔහුගේ නික්මයාමට පෙර, නායකයින් දෙදෙනාම අනාගතයේ රාජකාරි පිළිබඳ ඔවුන්ගේ අවබෝධය දිගටම පවත්වාගන්නා බවට එකඟ විය.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි, 221 පාබල බලසේනාවේ බලසේනාධිපති, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ බ්‍රිගේඩියර් පාලන භකාස ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.