Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th April 2024 10:11:33 Hours

නික්ම යන ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති 23 වන පාබල සේනාංකයේ විධිමත් සංචාරයක් සිදු කරයි

නික්ම යන ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 2024. අප්‍රේල්. 04 වන දින 23 වන පාබල සේනාංක මූලස්ථානය විසින් නැගෙනහිර ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායන්ට අනුව ආචාරය පුද කරන ලදී

නැගෙනහිර ආඥාපතිවරයා පැමිණි පසු පිවිසුම් දොරටුව අභියස මුර සංචාරයක් සහ 23 වන පාබල සේනාංක මූලස්ථානයේ පෙළපාළි චතුරශ්‍රයේ දී ගෞරව ආචාර පෙළපාලියක් මගින් ආඥාපති හට උපහාර පිරිනැමිණි. ඉන් අනතුරුව ඔහු සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර මතකයේ සංකේතයක් ලෙස අමුත්තන්ගේ පොතේ සමරුසටහනක් තබන ලදි

තවද, නික්ම යන ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 23 වන පාබල සේනාංකයේ භඨ පිරිස් අමතා සිය ධුර කාලය තුළ තමන් වෙත ලබා දුන් නොමසුරු සහය සහ ලබා දුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලයන් වෙත ‘ස්තුතිය’ පුද කරන අතර ඔහුගේ මතක සටහනක් ලෙස සමරු තිළිණයක් පිරිනමන ලදී. එමගින් සියලුම තරාතිරම්වල තේ පැන් සංග්‍රහයකටද සහබාගිවී එම අවස්ථාව සනිටුහන් කරන ලදී

මෙම අවස්ථාව සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231, 232 සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරුන් සහ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාව සහභාගි වන ලදී