Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th June 2023 15:42:48 Hours

නීති විරෝධී මත්ද්රයව්ය අල්ලා ගැනීම

7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, බුද්ධි භටපිරිස් සහ කින්නියා පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 ජුනි මස 14 වන දින කරුන්ජන්කේනි, කින්නියා ප්රිදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්රවව්යකයක් වන කේරළ ගංජා ග්රෑොම් 50ක ප්රේමාණයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්රරව්යර සමග සැකකරුවන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්ෂරක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්රදදේශයේ නීතිවිරෝධී ක්රි යාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.