Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th August 2022 13:25:25 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම.

හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරු මත 3 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා බුද්ධි බළකායේ භට පිරිස් පාබල භට පිරිස් හා සම්බන්ධව 2022 ජනවාරි 01 සිට 2022 අගෝස්තු 12 දක්වා කාලය තුළ වැටලීම් කිහිපයක් සිදු කර නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගන්නා ලදී.

මෙම වැටලීම්වලදී අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින්, කේරළ ගංජා, නීති විරෝධී මත්පැන්, මත් පෙති, අබින්, ගංජා, නීති විරෝධී දුම්වැටි ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාල සැකකරුවන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ වාහන ඉදිරි විමර්ශන සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කෙරිණි.

අනු අංකය ඖෂධ වර්ගයේ නම ප්‍රමාණය අත්අඩණ්ගුවට ගත් වාර ගනන ඖෂධ ප්‍රමාණයේ මුදල ආසන්න වශයෙන්
1 අයිස් මත්ද්‍රව්‍ය 159 g 930 mg 13 Rs. 3,200,000.00
2 හෙරොයින් 296 g 062 mg 16 Rs. 4,035,000.00
3 කේරළ ගංජා 8 Kg 595 g 107 mg 15 Rs. 1,200,000.00
4 නීති විරෝධී මත්පැන් 3618 L 893 ml 21 Rs. 3,618,000.00
5 ටැබ්ලට් 1340 04 Rs. 134,000.00
6 අබින් ඖෂධ 482 g 2 mg 02 Rs. 1,928,000.00
7 ගංජා පැළ 60 ක් 02 Rs. 150,000.00
8 නීති විරෝධී සිගරට් 1020 01 Rs. 51,000.00

ආඥාපති, ආරක්‍ෂකසේනා (නැගෙනහිර), සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් මෙම වැටලීම් අධීක්ෂණය කරන අතර එමඟින් හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසයද ඉහළ නැන්වෙනු ඇත.