Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th July 2023 14:53:42 Hours

පාසල් සිසුන් 80ක් සඳහා අත්‍යවශ්‍ය පාසල් උපාංග

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 221 වන පාබල බලසේනාවට අයත් 20 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්බන්ධීකරණය සිදුකර 2023 ජුලි 04 වැනි දින රුපියල් 320000.00ක් වටිනා පාසල් උපාංග සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මහසෙන්පුර පරණ මැදවච්චිය විද්‍යාලයේ සිසුන් 80 දෙනෙකු සදහා පිරිනමන ලදි.

මෙම පාසල් උපාංග ගම්පහ ප්‍රදේශයේ පදිංචි ඩී පුෂ්පකුමාර මහතා විසින් පරිත්‍යාග කරන ලදී. 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත මෙම උත්සවය සංවිධානය කරන ලද අතර 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ කේ පීරිස් ආර්එස්පී සහ 20 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් ඩබ්ලිව් ඩබ්ලිව් එන් සී වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගී විය.