Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th March 2024 11:21:14 Hours

පෙර පාසල් හා පාසැල් දරුදැරියන් සදහා පාසැල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විම

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාර සංකල්පයකට අනුව 221 පාබසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්කේඒආර්පි රත්නායක ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ සම්බන්ධිකරණයෙන් යුතුව එක්සත් රාජධානියේ වෙස්නට් ආධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය නදිත් කෞෂල්‍ය මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම පාබසේමු බළප්‍රදේශයට අයත් ත්‍රි/ත්‍රි සාගරපුර සිංහල විද්‍යාලයේ සහ පුල්මුඩේ හැපි කිඩ්ස් පෙර පාසලේ ඉ‌‍ගෙනුම ලබන දරුදැරියන් 20 දෙනෙකු සදහා 2024 මාර්ත මස 15 වන දින පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සිදු කරන ලදි.

තවද මෙම උත්සව අවස්ථාව සදහා 221 පාබල බසේමුහි සිවිල් සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් එස්ඒකේඩි ලේකම්ආරච්චි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ පිඒටිසි තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ නිලධාරින් හා සෙනින් 05 ක සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.