Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th October 2023 08:55:41 Hours

වාකරෙයි මහා විද්‍යාලයේ සිසුන් සඳහා 233 බලසේනාව විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වයි

ආරකෂක සේනා මුළස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි පිඑස්සි එන්ඩියු අයිජි සහ 23 වන පාබල සේනාංක මුළස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ලාගේ සංකල්පයක් මත සිවිල් ජනතාව සහ පාසල් දුවා දරුවන් මත්ද්‍රවය උවදුරින් බේරා ගැනිමේ උදාරතර සංකල්පය පලගන්වමින් වාකරේ මහා විද්‍යාලයේ සිසු දරුවන් හට මත්ද්‍රවය උවදුරින් බේරිම සදහා හරවත් දේශණයක් සිදු කරන ලදි.

මෙම දේශණය සදහා වාකරේ මහා විද්‍යාලයේ 200කට අදික සිසු සිසුවියන් සහ ගුරුභවතුන් 10 දෙනෙකු සහභාගිවු අතර මෙම හරවත් දේශණය සිදු කරන ලද්දේ අන්තරායකර ඔ!ෂධ පාලක මණ්ඩලයේ මඩකළපු දිස්ත්‍රික් සම්බණ්ධිකාරක වන පි තිනේෂ් මහතා විසිනි.

තවද මෙම දේශණය සදහා 233 පාබල බළසේනා මුලස්ථානයේ වැඩ බලන බලසේනාධිපති කර්නල් කේ එස් පි පොතුපිටිය යුඑස්පි පිඑස්සි අයිජි, 7 වන ගැමුණු හේවා බළකායේ අනදෙණ නිළධාරි සහ 233 පාබල බළසේනා මුළස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි සහභාගිවු අතර මෙම දේශණය සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලද්දේ පුනුරුත්තාප අධ්‍යක්ෂක ජෙනරාල් ශාඛාවේ මඩකළපුව දිස්ත්‍රික් ප්‍රධාන සම්බන්ධිකාරක වන ලුතිතන් කර්නල් චන්දික ඇහැලේපොල ජ්‍යෙෂ්ඨ නිලධාරී විසිනි.