Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd April 2024 08:18:18 Hours

සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් නැගෙනහිර පළාතේ පාසල් සිසුන් සදහා පැවැත්වූ භාෂා ප්‍රවිණතා වැඩ සටහන එහි කූටප්‍රාප්තියට ලගාවූ වගයි.

ආරක්ෂක සේනා ආඥපතිගේ සංකල්පයක් හා මගපෙන්විම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මගින් අනෝන්‍ය භාෂා හැකියාව ඔප්නැංවිම තුලින් සිංහල හා දෙමල සිසු සිසුවියන්ගේ සමගිය වර්ධනය කිරිමේ අරමුනින් සංවිධානය කළ භාෂාව හරහා වැඩසටහනක් 2024 මාර්තු දස 30 දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිරහිදි) අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි. තවද ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ උදාරතර නව්‍ය සංකල්පයක් මත මාස කිහිපයකට ඉහතදී මෙම භාෂා ඉගැන්වීමේ වැඩසටහන ආරම්භ කරන ලදි. එහිදි පො/දිඹු/නෙලුම්වැව මධ්‍ය මහ විද්‍යලය සහා පො/දිඹු/වැලිකන්ද සිංහපුර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 188 දෙනෙකුට දෙමළ භාෂාව ඉගැන්විමේ අවස්ථාව හා මඩ/රාමක්‍රිස්ණ විද්‍යාලයේ සහ මඩ/මුදලිකුඩා මහා විද්‍යාලයේ දෙමළ සිසුන් 120 දෙනෙකුට සිංහළ භාෂාව ඉගැන්වීමේ අවස්ථාව උදා කරදෙන ලදි.

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මගින් සංවිධාන කල වැඩසටහන හේතුවෙන් මෙම සිසුන්ට එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනිමට හා අනෝන්‍ය සුහදත්වය වර්ධනය කරගැනිමට ඉඩ ප්‍රස්ථාව සැලසීය. එහිදි ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරිමටද අවස්ථාවක් සලසා දී තිබූ අතර නාට්‍ය ගීත ගායනා අධ්‍යාපනික වැඩසටහන් ඇතුලු අලුත් අවුරුදු ජල ක්‍රිඩා පැවැත්වු අතර. විවිධ සමාජ තලවලින් පැමිණි දරුවන් ඉතා කෙටි කාළයක් තුල ඔවුන්ගේ භාෂා කුසලතා සහ අනෝන්‍ය සුහදත්වය වර්ධණය කරගත් අයුරු පැමිණි සිටි සියල්ලගේම පැසසුමට ලක් විය. මෙම වැඩ සටහන සදහා දායකවූ සියල්ලන්ගේම සිත් සතුටට පත් කරමින් එම සිසු සිසුවියන් අති දක්ෂ ලෙස තම භාෂා කුසලතා වර්ධණය කරගෙන තිබුනි.

තවද ආරක්ෂක සේනා ආඥාපති විසින් මෙම උත්සවයට සහභාගීවූ අය අමතමින් ජාතින් අතර සංහිදියාව වර්ධනය කිරිමට එකිනෙකාගේ භාෂාවන් පිළිබද අවබෝධයක් ඇති කිරිමේ වටිනාකම පිළිබදව මනා ලෙස පැහැදිලි කළ අතර මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන තම භාෂා හැකියාව වර්ධනය කරගන්නා ලෙස පැමිණී සිටි සිසු සිසුවියන්ගෙන් ඉතා ගෙෑරවයෙන් යඅතුව ඉල්ලා සිටින ලදි. ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නිරතුරුවම ප්‍රදේශයේ සාමය හා සමගිය වර්ධනය කිරිමේ ක්‍රියාවලියෙහි පුරෝගාමියා ලෙස කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාෂ කර සිටියේය.

මේ උත්සවය සදහා සහභාගි වී සිටි මෙතොදිස්ත සභාවේ අගදගුරු ගරු එබනෙසර් ජෝෂප් පියතුමාටත් සහභාගිවු සියලුම විදුහල්පති ගුරුවරුන්ට පාසල් සිසුන්ට හා ඔවුන්ගේ දෙමව්පියන්ටත් ස්තුති වන්ත වෙමින් එතුමන්ගේ හරවත් දේශණය අවසන් කරන ලදි. මෙම උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර ගරු ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර පලාතේ නියෝජ්‍ය පොලිස්පති කේ අජිත් රෝහණ මහතා, සහභගිවන ලදි. තවද නැගෙනහිර පලාතේ යුධ හමුදා සේනාංකාධිපති වරුන් බලසේනාධිපති වරුන් සහභාගී වන ලදී.

මෙම වැඩසටහනින් අනතුරුව සංගිත ප්‍රසංගයත් පවත්වා පැමිණ සිටි සෙසු සිසුවියන්ට හා දෙමාපියන් හට දිවා අහාර වේලක්ද නැගෙනහි ආරක්ෂක සේනාව විසින් ලබා දෙන ලදී.