Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th June 2023 14:24:12 Hours

සිත්තන්ඩි ප්‍රදේශයේ හමුදාව විසින් තාවකාලිකව අත්පත් කරගෙන සිටි ඉඩම් නිදහස් කිරීම

පසුගිය කාලයේ රටේ පැවැති යුදමය තත්ත්වය තුළ සිවිල් ජනතාව සහ රාජ්‍ය ආයතන විසින් ඉඩම් අත්හැරීමත් සමඟ හමුදාව එම භූමිය මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා භාවිත කිරීම තාවකාලිකව සිදුවිය. යුද්ධයෙන් පසු රජයේ පූර්වාදර්ශී තීරණය වන්නේ හමුදාව විසින් මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා තාවකාලිකව භාවිතා කරන ලද ඉඩම් සැබෑ ඉඩම් හිමියන්ට ආපසු ලබා දීමයි.

ඒ අනුව ආරක්ෂක සේනා (නැගෙනහිර) යටතේ ස්ථාපිත 4 ගැමුණු හේවා බළඇණිය විසින් මෙහෙයුම් සහ පාලන කටයුතු සඳහා පවත්වාගෙන යනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් සිත්තන්ඩි ප්‍රදේශයේ පිහිටි අක් 8.6 ඉඩම් කොටස් 56ක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත එම ඉඩම් කොටස් අදාළ හිමිකරුවන් වෙත ලබාදීම සඳහා භාර දෙන ලදී.

මෙම ඉඩම් භාරදීමේ උත්සවය 2023 ජුනි 06 වන දින 4 ගැමුණු හේවා බළඇණි බි කණ්ඩායමේදී පැවැත්විණි. යුද හමුදාවෙන් ඉඩම රජයට පැවරීම සඳහා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගි වූ අතර, රජයේ අංශයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලපති පත්මරාජා මහත්මිය සහභාගි විය. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා සමඟ බ්‍රිගේඩියර් එරන්ද රත්නායක, බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, කර්නල් ප්‍රභාත් හල්පගේ, ලුතිනන් කර්නල් සමන් හෙට්ටිආරච්චි, ලුතිනන් කර්නල් දම්මික වීරසිංහ සහ මේජර් ඉසුරු සේනානායක යන නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.