Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th April 2024 19:05:08 Hours

64 පාබල සේනාංක අභියෝගතා කුසලාන අන්තර් සමාජ අත්පන්දු තරගාවලිය - 2024

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.එස් දේවප්‍රිය යුඑස්පි එන්ඩිසිගේ උපදෙස් මත, 641 පාබල බළසේනාව විසින් සංවිධානය කරන ලද “64 පාබල සේනාංක අභියෝගතා කුසලාන අන්තර් සමාජ අත්පන්දු තරගාවලිය - 2024” ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී. ක්‍රීඩා සමාජ 07 ක සහභාගීත්වයෙන් 2024 මාර්තු මස 23 සහ 24 යන දිනයන්හිදී මූලික වටයේ තරගයන් පවත්වන ලද අතර, අවසන් මහා තරගය 2024 අප්‍රේල් මස 22 වන දින පැවැත්වුනි.

අවසන් මහා තරගය සදහා මාන්කුලම්“මින්නෝලි ක්‍රීඩා සමාජය” සහ මුතියන්කට්ටු“භාරතී ක්‍රීඩා සමාජය” තරග වැදුනු අතර, තරගාවලියේ ශූරතාවය මුතියන්කට්ටු“භාරතී ක්‍රීඩා සමාජය” විසින් දිනා ගන්නා ලදී.