Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd March 2024 11:48:51 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 61 පාබල සේනාංකයේ පළමු නිල සංචාරය සිදුකරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 61 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත පාබල බලසේනා හා ඒකකයන් වෙත පළමු නිල සංචාරය පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින සිදු කළේය.

61 පාබල සේනාංක පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත එම සේනාංකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

නිල සංචාරයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත එම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් බලසේනාවන්හි හා ඒකකයන්හි කාර්ය භාරය , වගකීම් සහ වත්මන් ආරක්‍ෂක තත්ත්වයන් පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කරනු ලැබීය. සංචාරය අතරතුරදී එතුමන් 612 සහ 613 පාබල බලසේනාවන්හි භටපිරිස් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.

සංචාරය සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ.