Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd March 2024 08:44:44 Hours

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට බටහිර භටපිරිස් දායකත්වය

දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාළ වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩිසීපීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 61 සහ 14 වන පාබල සේනාංක සේනාංකාධිපති වරුන්ගේ අධීක්ෂණය යටතේ 2024 පෙබරවාරි මස 13 දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළමුළුව, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව, 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 8 ගැමුණු හේවා බලඇණිය, 14 විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය, 2 (V) ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (v) ගැමුණු හේවා බලඇණිය, 3 (v) ගැමුණු හේවා බලඇණිය, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකාය, 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බළකාය සහ 16 වන ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසුනිලයින් 494 දෙනෙකු මීරිගම මූලික රෝහල, වරකාපොළ මූලික රෝහල, වතුපිටිවල මූලික රෝහල, අවිස්සාවේල්ල මූලික රෝහල, කොළඹ මහ රෝහල, කොළඹ අක්ෂි රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, කොළඹ දන්ත රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, නැගෙනහිර මූලික රෝහල මුල්ලේරියාව, ජාතික බෝවන රෝග ආයතනය අංගොඩ (IDH), රත්නපුර ශික්ෂණ රෝහල, බලංගොඩ මූලික රෝහල, ඇහැලියගොඩ මූලික රෝහල, මාවනැල්ල මූලික රෝහල, කෑගල්ල මහ රෝහල (ශික්ෂණ), බණ්ඩාරගම දිසා රෝහල, පානදුර මූලික රෝහල, හොරණ මූලික රෝහල, ඇල්පිටිය මූලික කරාපිටිය ශික්ෂණ රෝහල, උඩුගම මූලික රෝහල, මාතර මහ රෝහල ඇතුළු ස්ථානවල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා කඩිනමින් සහාය විය.