Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd March 2024 08:53:57 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් බදාදා දින පුහුණු වැඩසටහනට සමගාමීව 2024 පෙබරවාරි මස 14 දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී හරවත් දේශනයක් දෙකක් පැවැත්වනු ලැබීය.

මෙම වැඩසටහනේදී, ලුතිනන් කර්නල් ඒ.එම්.ටී.ඒ.බී. අරම්පත් විසින් ‘අභ්‍යන්තර ආරක්‍ෂක තත්ත්වයන් තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වගකීම්’ පිළිබඳවත් මේජර් ජේ.කේ.ජේ.කේ. සිරිශාන්ත විසින් ‘සමාජ මාධ්‍ය භාවිතය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එහි බලපෑම’ මැයෙන් දේශනයන් පැවැත්වූහ.

මෙම දේශනයන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් 10 දෙනෙක් සහ සෙසුනිලයන් 183 දෙනෙකු සහභාගී වූහ.