Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd March 2024 08:59:42 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් ‘රථවාහන නඩත්තුව’ පිළිබඳ දේශන මාලාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් 313 කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 22 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ‘රථවාහන නඩත්තුව’ පිළිබඳ එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බළලත් නිලධාරී ll ඒ.එච්.එස්.ජී. නන්දික සහ බළලත් නිලධාරී ll ඩී.එම්.එස්. දහනක විසින් මෙම වැඩමුළුවේදී රථවාහන නඩත්තුව පිළිබඳ දේශනයන් පැවැත්වූ අතර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් කේ.පී. වහිකල්දෙණිය විසින් තාක්‍ෂණික දෝෂ හඳුනාගැනීම පිළිබඳ දේශනයක් පවත්වන ලදී. මෙම දේශනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් සී.එච්.එම්.එස්.කේ. හේරත් විසින් මහමාර්ගයේ විනය පවත්වාගැනීම පිළිබඳ දේශනයක් ද පැවැත්වීය. මෙම දේශන මාලාව සමාප්තියේ විෂයන්ට අදාළව නිදර්ශණයන් ද පවත්වනු ලැබිණි.

මෙම වැඩමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ආර්.ඩී. සලේ එන්ඩීසී විසින් ලබාදෙන ලදී.