Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd March 2024 09:05:47 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් අපරාධ වැළැක්වීම පිළිබඳ දේශනයක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 27 සහ 28 දෙදින තුළ අපරාධ සිදුකිරීමට යොමුවීම වැළැක්වී‍මේ අරමුණින් ඒ පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර පරිශ්‍රයේදී පැවති මෙම දේශන මාලාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් වී.එන්.එම් ජයසේකර එල්එස්සී විසින් පවත්වනු ලැබූ මෙම දේශනයේදී සංවිධානාත්මක අපරාධ, මිනීමැරුම්, මූල්‍ය වංචා, අවි ආයුධ සහ පතොරම් අනිසි ලෙස පරිහරණය කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය/ ජාවාරම්, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, සොරකම් සහ මාර්ගගත වංචා ඇතුළු අපරාධ ක්‍රීයාවන් රැසක් පිළිබඳ පුළුල් දැනුමක් ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම දේශනය සඳහා යුද්ධ හමුදා නිලධාරින් 31 දෙනෙක් සහ සෙසුනිලයන් 694 දෙනෙකු සහභාගී වූහ.