Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

10th August 2018 21:56:41 Hours

සිවිල් අවමංගල්‍ය කටයුතු සදහා කිලිනොච්චි යුහ හමුදාවේ සහය ලබාදිම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බළප්‍රදේශයට අයත් අංක 73 අම්භපුරම්, මුලංකාවිල් යන ලිපිනයේ පදිංචි එම් අජන්තන් ගේ ආදරණිය පුතනුවන් වන කුජන්දන් තුවාකරන් 2018.07.31 වන දින මියගොස් ඇත.

ඉරණමාතානගර් රෝමාණු කතෝලික පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇති මොහු මියයන විට වයස අවුරුදු 13ක් පමණ වේ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස්ගේ අධික්‍ෂණය යටතේ 651 වන බළසේනාංකය යටතේ ඇති ඒකකයන්හි භඨ පිරිස් විසින් අවමංගල්‍ය උත්සවය සදහා අවශ්‍ය කරනු ලබන ජලය, ආහාර, කුඩාරම් සහ අනෙකුත් පහසුකම් පිළිබදව සොයා බලා උපකාර කරන ලදි.