Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 20:00:15 Hours

14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්ගේ ශ්‍රම දායකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ රජයේ ප්‍රතිසංදාන ක්‍රියාවලියට විධිමත් කිරිමේ අරමුණින් 14 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් මයිලවානපුරම් පිලිමන්තනාරු පදිංචි ආරුමුගම් නගුලේෂ්වරන් මහතාට නව නිවසක් සදා පරිත්‍යාග කිරිම කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 16 වන දින සිදු කරන ලදි.

අණදෙන නිළධාරි මේජර් චමින්ද වන්නිආරචිචිගේ අධික්‍ෂණය මත ඒකක භඨපිරිස් විසින් නිවස ඉදිකිරිම සිදු කල අතර නව නිවස භාර දෙන අවස්ථාවේදි නිවාස ලාභින්හට නිවසට අවශ්‍ය ගෟහ උපකරණ, වියලි සලාක, නැවුම් එළවලු පරිත්‍යාග කිරිමද සිදු කල අතර ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්කලේය.

මෙම අවස්ථාවට 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 571 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දම්මික වෙලගෙදර, , 572 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල, 573 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනොජ් මදුරප්පෙරුම, ධර්මපුරම් පොල්ස් ස්ථානාධිපති, කන්දාවේලි ප්‍රාදේශිය ලේකම් සහ මයිලවානපුරම් ග්‍රාම නිළධාරි සහභාගි වු අතර සියලු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම වැඩසටහන පවත්වන ලදි.