13th October 2018 08:43:57 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන 57 වන සේනාංක විසින් 69 වන යුද හමුදා සංවත්සරයට සමගාමිව 2018.10.09 වන දින විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
ඒ අනුව 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ සහභාගිත්වයෙන් ධජයන්ට සෙත් පතා කිලිනොච්චි ලුම්බිණි විහාරස්ථානය තුලදි බෝධි පුජා පිංකමක් පැවැත්විම හා කන්දසාමි කෝවිල් පුජාවක් පැවැත්වු අතර, ඒ සදහා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගිවිය.
තවද 1වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ඒකක බළප්‍රදේශයේ ස්ථාපිත පුලේන්දන් පෙර පාසලේ දරැ දැරියන් සදහා දිවා ආහාරය ලබාදෙන ලදි.