Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 19:55:28 Hours

572 පාබල බලසේනාවේ භටපිරිස් වට්ටකච්ච් හි අඩු ආදායම්ලාභි පවුලක් සදහා නව නිවසක් සදා දෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ ජාතින් අතර සුහඳ තාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව භටපිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද නව නිවස පෙරියකුලම් වඩ්ඩකච්ච් කිළිනොචිචි පදිංචි ශිවසාම්මුත්තු මහත්මියට පරිත්‍යාග කිරිම ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 13 වන දින සිදු කරන ලදි.

57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීම මත 572 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාලගේ හා 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ගේ අධික්‍ෂණය යටතේ ඒකක භඨපිරිස් විසින් නිවස ඉදිකිරිම සිදු කල අතර මෙහිදි නිවාස ලාභින්හට නිවසට අවශ්‍ය ගෟහ උපකරණ, වියලි සලාක, නැවුම් එළවලු පරිත්‍යාග කිරිමද සිදු කල අතර ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්කලේය.

මෙම අවස්ථාවට 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගිවිය.