Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 11:57:56 Hours

572 පාබල බළසේනාවේ භටපිරිස් සිවිල් වැසියන් සදහා වියලි ආහාර පාර්සල් බෙදාදෙයි

57 වන පාබල සේනාංකයට අයත් 572 පාබල බළසේනාවේ භටපිරිස් විසින් දුෂ්කරතාවයන්ට මුහුණ දුන් අඩු ආදායම්ලාභි පවුල් 177 ක් සදහා වියලි සලාක අඩංගු ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් කන්දාවලෙයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි 2021 ජුූලි මස 02 වන දින සිදු කරන ලදි.

කොළඔ රාජකීය විද්‍යාලයේ 1980 වර්ෂයේ උසස් පෙළ දමිළ මාධ්‍ය පංතියේ අනුග්‍රහය යටතේ 572 බලසේනාවට රුපියල් 474,000.00 ක් පරිත්‍යාග කළ අතර ඒ අනුව කන්දාවලෙයි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් සදහා රු. 2500.00 කට වැඩි වටිනා කමකින් යුතු වියලි ආහාර අඩංගු ආහාර පාර්සල්, මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රවි රත්නසිංහම් විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන කන්දාවලෙයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ජනතාව වෙත බෙදා දීම සිදු නකරන ලදි.

572 පාබල බලසේනාවේ බළසේනාධිපති, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි, 572 පාබල බලසේනාවේ සිවිල් සම්බණ්ධිකරන නිළධාරි සහ භඨපිරිස් එක්ව මෙම වැඩසටහන සංවිධානය කල අතර සම්බණ්ධිකරනය කන්දාවලෙයි ප්‍රාදේශිය ලේකම් විසින් සිදු කරන ලදි.

ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ ගේ උපදෙස් පරිදි 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීම මත 572 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

කිළිනොචිචි අඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සදහා 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 572 පාබල බළසේනාවේ බළසේනාධිපති, කිළිනොචිචි දිස්ත්‍රික් ලේකම්, කන්දාවලෙයි ප්‍රාදේශිය ලේකම්, 572 පාබල බළසේනාවේ සිවිල් සම්බණ්ධිකරන නිළධාරි, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරින් සහභාගිවිය.