Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 13:08:22 Hours

66 වන සේනාංක භඨපිරිස් පොල්වගා කිරීම අරඹයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන “තුරු මිතුරු - නව රටක්” ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ගේ උපදෙස් මත එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ පොල් පැල 100 ක් සිටුවීමේ වැඩසටහනක් 2021 ජූලි 05 වන දින දියත් කෙරිණි.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජිවනෝපාය නගාසිටුවීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව එදිනම තෝරාගත් පවුල් අතර පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් ද දියත් කරන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ගේ උපදෙස් මත ක්‍රියාවට නැංවු මෙම වැඩසටහන සඳහා අවශ්‍ය පොල් පැල සහ තාක්‍ෂණික දැනුම පලෙයි පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් ලබාදුන්නේය.