Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 20:13:13 Hours

663 පාබල බලසේනාවේ භඨපිරිස් කාබනික පොහොර නිශ්පාදනය අරඔයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟ පෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා - කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව රජයේ කාබනික පොහොර නිශ්පාදන ක්‍රියාවලියට දායක වීම සදහා 663 වන පාබල බලසේනා මුලස්ථාන පර්ශ්‍රයේදි කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදි.

කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ සමාරම්භක අවස්තාව ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ ප්‍රධනත්වයෙන් 2021 ජූලි මස 16 වන දින පැවත්වන ලදි. 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ සහ 663 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂ් ලියනගමගේ අධික්‍ෂණය මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුලින් මසකට කාබනික පොහොර ටොන් 30 ක් නිශ්පාදනය කිරිමට අපේක්ෂා කෙරේ. මෙම නිශ්පාදන ක්‍රියාවලිය ආඥාපති විසින් අධික්‍ෂණය කල අතර සෙබළුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඔවුන් දිරිමත් කරන ලදි.

මෙම ව්‍යාපෟතියේ කොටසක් ලෙස කාබනික පොහොර භාවිතයේ ඇති වාසි පිළිබඳව ජවතාවගේ දැනුවත් භාවය වැඩි දියුනු කිරිමට අපේක්‍ෂා කරන අතර මේ අනුව කිළිනොචිචි දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතා සපුරාලීමටත් ගොවීන්ට දේශිය කාබනික පොහොර නිශ්පාදනය සදහා තාක්‍ෂණික සහය ලබා දීමටත් හමුදා සෙබළුන් අපේක්‍ෂා කේරේ.

මෙම අවස්ථාව සදහා 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මෙජර් ජෙනරාල් අජිත් දිසානායක, බළසේනාධිපති වරුන්, අණදෙන නිළධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහබාගි විය.