Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 09:26:28 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි භටපිරිස් පොල්පැල සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරයි

පොල් වගා කිරිමේ ආරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි කඳවුරු පරිශ්‍රයේ පොල් පැල 350ක් සිටුවීමේ ව්‍යාපෘතියක් 2021 ජුනි මස 21 වන දින සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහ අවශ්‍ය පොල්පැල කුලියාපිටියේ පදිංචි සේනක රොද්‍රිගෝ මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

තවද පොල්පැල කඳවුරු අතරේ බෙදාදීමට ද සැලසුම් කර ඇති අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 'තුරු මිතුරු - නවරටක්' වගා සංග්‍රාමයට සමගාමීව විවිධ ක්ෂේත්‍රයන්හි කෘෂිකාර්මික අපේක්‍ෂාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය දියත්කරනු ලැබු අතර, ඒ හා සමානව කාබනික පොහොර නිෂ්පාදනය සඳහාද ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි යටතේ පාලනය වන සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්ද නිරතව සිටි.

සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ප්‍රභාත් කොඩිතුවක්කු සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.