Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2021 12:43:38 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති කිළිනොචිචි ආරක්‍ෂක සේනාව යටතේ රාජකාරි කල භඨපිරිස් අමතයි

ආරක්‍ෂක සේනා කිළිනොචිචි යටතේ ස්ථාපිතව තිබු 57 වන සහ 66 වන පාබල සේනාංක මෙන්ම ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ රාජකාරි නියතු 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, 4 වන සන්නද්ධ බුද්ධි බලකාය සහ 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචියෙන් ඉවත්වී ආරක්‍ෂක සේනා මුලස්ථානය මුලතිව් යටතට ස්ථාපනය විය. ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි යටතේ සිදු කල ථලදායි සේවය ඇගයීම සදහා ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපති භඨපිරිස් ඇමතීම 2021 ජූති මස 21 වන සිදු කරන ලදි.

මෙහිදි භඨපිරිස් අමතමින් ආඥාපති බලප්‍රදේශයේ ආරක්‍ෂාව සදහා මෙන්ම නීතිවිරෝධි ක්‍රියාකාරකම් වැලක්වීම සදහා සහ කෝවිඩ් - 19 වසංගත තත්වය පාලනය කිරිම සදහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරින් ඇතුලු සියලු භඨපිරිස් ගේ කැපකිරිම අගය කරමින් ඉදිරියේදීද තම රාජකාරිය නිසි පරිදි ඉටු කොට ප්‍රදේශයේ උසස් ආරක්‍ෂාව පවත්වා ගැනීම සදහා කටයුතු කරන ලෙස තව දුරටත් අවධාරනය කරන ලදි.

මෙම අවස්ථාව සදහා 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක, සියලු බලසේනාධිපති වරුන්, අණදෙන නිළධාරින් සහ සෙබළුන් සියලු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයනට අනුකූලව සහභාගි වන ලදි.