Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th July 2021 18:37:32 Hours

ආරක්‍ෂක සේනා කිලිනොච්චි ආඥාපති 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ 2021 මැයි මස 20 වන දින 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිළ සංචාරයක නිරත විය.

බළ ඇණිය වෙත සැපමිනි ආඥාපතිව 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් සුභාෂ් සිල්වා ඉතා උනුසුම්ව පිළිගත් අතර අනතුරුව මෙම සංචාරය සිහිවීම පිනිස පැළයක් රෝපනය කිරිම සදහා අණදෙන නිළධාරි විසින් ආඥාපතිහට ආරාධනා කරන ලදි. ඉන් අනතුරුව අණදෙන නිළධාරි විසින් බළ ඇණියේ කාර්යභාරය සහ පාලන කටයුතු පිළිබඳව ආඥාපතිහට පැහැදිලි කරන ලදි. පසුව ආඥාපති කදවුරු පරිශ්‍රය නිරික්‍ෂණය සදහා එක්විය.

කොවිඩි - 19 වැලැක්වීමේ මාර්ගොපදේශයන්ට අනුව මෙම සංචාරයේදි සීමිත භඨපිරිසක් ඇමතීමද සිදු කල ආඥාපති ජාතියේ අනාගත අභියෝගයන්ට මුහුණ දීම සදහා සොල්දාදුවන්ගේ බහුවිධ කාර්යයන් ඉටු කිරිමේ කුසලතා වර්ධනය කිරිම සදහා නිරන්තර පුහුණුව තුලින් ඔවුන්ගේ වෟත්තීය නිපුණතා වැඩි දියුණු කිරිමේ අවශ්‍යතාව මෙහිදි ආඥාපති අවධාරණය කරන ලදි.

මෙම සංචාරය සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ සහ ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගිවිය.