Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 12:05:55 Hours

ආරක්‍ෂක සේනා - කිලිනොච්චි ආඥාපති 573 වන පාබල බළසේනාවේ සංචාරයක

මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති ලෙස රාජකාරී භාර ගැනීමෙන් පසු 573 වන පාබල බළසේනාවේ සහ එහි අණදෙන ඒකක වල නිළ සංචාරයක් 2021 ජූලි මස 05 දින සිදු කරන ලදී.

573 වන පාබල බළසේනාව වෙත සපැමිනි ආඥාපතිව 573 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරපෙරුම විසින් ඉතා උනුසුම්ව පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු සම්මාන මුරයේ ආචාරයද ආඥාපති වෙත පිරිනමන ලදි.

මෙම අවස්ථාව සිහිවීම පිනිස ආඥාපතිහට පැලයක් රෝපනය කිරිම සදහා බළසේනාධිපති විසින් ආරාධනා කරන ලදි. බළසේනාවේ සංචාරයෙන් පසු ආඥාපති 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත පැමිනියේය. එම සංචාර වලදි පිළිවලින් බළසේනාධිපති සහ අණදෙන නිළධාරි විසින් තම මෙහෙයුම්, පරිපාලනය සහ සැපයුම් පිළිබඳව ආඥාපතිව දැනුවත් කරන ලදි.

මෙම සංචාරයේදි භඨපිරිස් ඇමතීමටද අමතක නොකල ආඥාපති කොවිඩ් - 19 වෛරසය මැඩපැවැත්වීමේ ජාතික වගකීම ඉටුකිරිමේ කාර්යභාර්යේ නියලි සිටින සියලු නිළධාරින සහ සෙබළුන් අගය කල අතර අවශ්‍ය සියලු මාර්ගපදේශයන් අනුගමනය කරමින් භඨ පිරිස් අතර අඛණ්ඩව සෞඛ්‍යාරක්‍ෂාව පවත්වා ගැනිමේ ඇති අවශ්‍යතාවය පැහැදිලි කරන ලදි. සෑම විටම වෘත්තියේ විවිධ අංශයන්හි පුහුණුවීමේ වැදගත්කම සහ ඉහළ මට්ටමේ විනය පවත්වා ගැනීම පිළිබඳව ඔහු අවධාරණය කළේය. අවසානයේදී ආඥාපති සිය අදහස් අමුත්තන්ගේ පොත්වල සටහන් තැබීය. මෙම අවස්ථාව සදහා 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ 57 වන පාබල සේනාංකයට අයත් ඒකක අණදෙන නිළධාරින් සහභාගිවිය.