Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th January 2021 11:17:27 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති විසින් විශාල පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩගේ මගපෙන්වීම මත කොළඔ සිට පැමිණි පරිත්‍යාගශිලි පවුලක අනුග්‍රහය මත ගල්කන්ද පුරාණ රජමහා විහාරයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය සදහා අවශ්‍ය පොත් පත් බෙදා දීමේ වැඩසටහනක් 2021 ජනවාරි මස 02 වන දින පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සහ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ෂාමිනි කොටුවේගොඩ මහත්මිය ඇතුලු පරිත්‍යාගශිලි සුරේන් ද සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් සෝමවිර සහ කර්නල් සංජය වනසේකර, ලුතිතන් කර්නල් ප්‍රදීප් විතානගේ උත්සවය සාර්ථකව සිදු කිරිමට පුර්ණ සහයෝගය ලබා දෙන ලදි. ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි නිළධාරින්, ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ නිළධාරින් සහ පැමිණි පරිත්‍යාගශිලින් සෞඛ්‍ය අංශවල උපදෙශයන්ට අනුකූලව මෙම වැඩසටන පවත්වන ලදි.