Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

12th January 2021 13:40:18 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨපිරිස්හට නව රෙදි සොදන මධ්‍යස්ථානයක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි සේවයේ නියතු සියලුම භඨපිරිස්හට පහසුකම් සැලසීමේ අරමුණින් නවතමයෙන් ඉදිකරන ලද ස්වංක්‍රියව රෙදි සෝදන මධ්‍යස්ථානය 2020 දෙසැම්බර් මස 17 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ආඥාපති මෙජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ විසින් විවෟත කරන ලදි.

සෙබළුන්ගේ ප්‍රයෝජනය සදහා සම්පුර්ණයෙන්ම ස්වංක්‍රිය නවීන රෙදි සෝදන යන්ත්‍රවලින් සමන්විත මෙම රෙදි සෝදන මධ්‍යස්ථාන සංකීර්ණය ආඥාපති විසින් උත්සවය සනිටුහන් කරමින් සමරු ථලකය නිරාවරණය කිරිම සහ පීත්ත පටිය කැපීම සිදු කර විවෟත කරන ලදි. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරිම සදහා කටයුතුකල 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භඨපිරිස් සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි භඨපිරිස් කල සේවය ආඥාපතිගේ පැසසුමට ලක්විය.

මෙම අවස්තාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් අජිත් දිසානායක, බ්‍රිගේඩියර් පාලන භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ ඇතුලු නිළධාරින් සහ සෙබළුන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.