Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 10:45:08 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි ස්ථාපිත බුද්ධ මන්දීරයට නව බුද්ධ ප්‍රතිමාවක් වැඩමවයි

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පිහිටි බුදු කුටියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරන ලදී.

මෙම අවස්ථාවට වැඩමවා වදාළ වවුනියාව, මඩුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කිරිගල්වැවේ විමලසාර හිමිපාණන් විසින් විශේෂ බෝධි පූජාවක් පැවැත්වූවේය. බුදුකුටියේ තැන්පත් කිරීම සඳහා මෙම බුද්ධ ප්‍රතිමාව ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි විසින් පෙරහැරකින් වැඩමවීය.

මෙම අවස්ථාවට 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ආඥාපති බ්‍රිගේඩියර් නිලාම් හේරත්, බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ප්‍රභාත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.