Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 12:55:31 Hours

ආරක්‍ෂක හමුදාවන්ට සහ ලක්වාසි ජනතාවට ආශිර්වාද එක්කරමින් 66 සේනාංක භටපිරිස් විසින් විශේෂ පූජාවක් පවත්වයි

පූනරින් ප්‍රදේශයේ ජීවත් වන සිවිල් වැසියන් සහ ආරක්‍ෂක හමුදා සාමාජිකයින් කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්‍ෂාවීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ආශිර්වාද එක්කිරීමේ විශේෂ පූජාවක් 2021 ජුනි මස 27 වන දින පූනරින් අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිලති මේජර් ජෙනරාල් අජිත් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආගමික වැඩසටහන සදහා සියලු භටපිරිස් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සහභාගී වූයේය.