Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 12:37:30 Hours

ඉදිරි නඩත්තු ප්‍රදෙශ කිළිනොචිචි භටපිරිස් ගැබනි වව්වරුන් සදහා වියලි සලාක බෙදාදෙයි

ඉදිරි නඩත්තු ප්‍රදෙශ කිළිනොචිචි ආඥාපති ලෙස රාජකාරි භාරගත් බ්‍රිගේඩියර් නිලාම් හේරත් ගේ සංකල්පයකට අනුව ප්‍රදෙශයේ ගැබනි මව්වරුන් සදහා වියලි ආහාර අඩංගු ආහාර පාර්ශල් බෙදා දීමේ වැඩසටහනක් 2021 ජුනි මස 23 වන දින පවත්වන ලදි.

බරතිපුරම් ප්‍රදේශයේ ගර්බනි මව්වරුන් පස් දෙනෙකු සදහා සහල්, සීනි, පිටි, පරිප්පු, කිරිපිටි, සබන්, සෝයා, තේ කොළ, නුඩ්ලස්, බිස්කට් පැකට් ඇතුලු සනීපාරක්‍ෂක දුව්‍ය අඩංගු රු 5000.00 ක වටිනා කමකින් යුතු වියලි සලාක ඇසුරුම් මෙහිදි බෙදා දෙන ලදි.

ඉදිරි නඩත්තු ප්‍රදෙශ කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සදහා කර්නල් ඉදිරි නඩත්තු ප්‍රදෙශ කිළිනොචිචි, 5 ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බලකායේ අණදෙන නිළධාරි, 7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ අණදෙන නිළධාරි, 7 වන විදුලි යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි සහ 6 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුද්ධ උපකරන බළකායේ අණදෙන නිළධාරි සහභාගි විය.