Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 12:17:22 Hours

කිළිනොචිචි භටපිරිස් අඩු ආදායම්ලාභි දිලිදු පවුලක් සදහා නිවසක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ රජයේ ප්‍රතිසංදාන ක්‍රියාවලියට විධිමත් කිරිමේ අරමුණින් අංක 3630 කිෂ්ණපුරම් කිළිනොචිචි පදිංචි ආරියදාස් රමේෂ් මහතාට නව නිවසක් සදා පරිත්‍යාග කිරිම කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 05 වන දින සිදු කරන ලදි.

573 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනොජ් මදුරප්පෙරුම ඇතුලු නිළධාරින්ගේ මුල්‍ය පරිත්‍යාගය මත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් ෂාමින්ද විජේසිංහගේ අධික්‍ෂණය යටතේ ඒකක භඨපිරිස් විසින් නිවස ඉදිකිරිම සිදු කල අතර ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්කලේය.

මෙම අවස්ථාවට 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ ක්‍රිෂ්ණපුරම් ග්‍රාමනිළධාරි ශිවරාසා ජදුකුලම් මහතා ග්‍රාම සංවර්ධන නිලධාරී - ක්‍රිෂ්ණපුරම් සසිදරන් සුදර්ශනී මිය සහභාගිවිය.