Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 19:41:01 Hours

කිළිනොචිචි භටපිරිස් අඩු ආදායම්ලාභි පවුලක් සදහා නව නිවසක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ ජාතින් අතර සුහඳ තාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කෝනාවිල් බටහිර, කිළිනොචිචි පදිංචි නගුලේෂපුල්ලෙයි කුගනේශ්වරි මහත්මියට නව නිවසක් සදා පරිත්‍යාග කිරිම ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 12 වන දින සිදු කරන ලදි.

මෙහිදි නිවාස ලාභින්හට නිවසට අවශ්‍ය ගෟහ උපකරණ, වියලි සලාක, නැවුම් එළවලු සහ පොත් පත් පරිත්‍යාග කිරිමද සිදු කල අතර 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් මිල්රෝයි ඩයස් ගේ අධික්‍ෂණය යටතේ ඒකක භඨපිරිස් විසින් නිවස ඉදිකිරිම සිදු කල අතර ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්කලේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, කරචිචි ප්‍රාදේශිය ලේකම්, කෝනාවිල් ග්‍රාමනිළධාරි, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 571 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දම්මික වෙලගෙදර, , 573 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනොජ් මදුරප්පෙරුම, නිළධාරින් සහ භඨපිරිස්ගේ සහභාගිත් වයෙන් සියලු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවෙදයන්ට අනුකූලව සිදු කරන ලදි.