Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 12:28:54 Hours

කිළිනොචිචි භටපිරිස් සිවිල් ප්‍රජාව වෙත කොවිඩ් - 19 එන්නත ලබා දීම අරඔයි

යුද්ධ හමුදා මුලික රෝහල කිළිනොචිචි කඳවුරේ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු හමුදා භටයින් කිලිනොච්චි හි නව ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර 2021 ජූලි 05 වන දින සිට පළමු වරට සයිනෝෆාම් එන්නත සිවිල් වැසියන්ට ලබා දීම ආරම්භ කරමින් ජාතික එන්නත් කිරීමේ ව්‍යාපෘතියට තවත් ශක්තියක් විය.

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව කොවිඩ් - 19 වැලැක්විමේ මෙහෙයුම් මධයස්ථානයේ ප්‍රධානි මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත, ආරක්ෂක සේනා කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ අධීක්ෂණයෙන් භට පිරිස් විසින් මෙම එන්නත් කිරීමේ මධ්‍යස්ථානය කෙටි කාලයක් තුළ ස්ථාපනය කරන ලදි.

එන්නත් කිරිමේ මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්‍ෂණය කිරිම සදහා ආඥාපති සහභාගි වෙමින් එන්නත් කරනය කඩිනම් කිරිමට අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බැලු අතර මෙම එන්නත් කරන වැඩසටහන සදහා සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එන්. සර්වනබවන්, කිළිනොචිචි ජාතික රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය යුද්ධ හමුදා මුලීක රෝහල කිළිනොචිචි වෛද්‍ය කාර්යමණ්ඩලය සමග අදහස් හුවමාරු කරගත් අතර එන්නත් ලබා ගැනිම සදහා පැමින සිටි ජනතාව සමගද ආඥාපති සුහඳව අදහස් බෙදා ගන්නා ලදි.