Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 20:09:13 Hours

කිළිනොචිචි භඨපිරිස් තවත් නව නිවසක් කාසිකුඩා හි අඩු ආදායම්ලාභි පවුලකට පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා - කිළිනොචිචි යටතේ සේවයේ නියතු භටපිරිස්ගේ සාමුහික ප්‍රයත්නය සාර්ථක කරලමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය කිළිනොචිචි හි ප්‍රජා ව්‍යාපෟතියේ එක් අධියරක් ලෙස තවත් නව නිවසක් 5 (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භඨපිරිස්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදි.

යුද්ධ හමුදාධිපති විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෟතියට සමගාමිව ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ ජාතින් අතර සුහඳ තාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව 5 (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකරන ලද නව නිවස කාසිකුඩා පුනරින් හි සින්නවි නවරත්නම් මහතාට පරිත්‍යාග කිරිම ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 16 වන දින සිදු කරන ලදි.

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ සහ 663 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂ් ලියනගමගේ මඟ පෙන්වීම මත 5 (සෙව්) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් ඊආර්ඒ සිල්වාගේ අධික්‍ෂණය මත ඒකක මුල්‍ය ආධාර හා භටපිරිස්ගේ ශ්‍රමදායකත්වය මත මෙම නව නිවස ඉදිකරන ලදි.

මෙම අවස්ථාවේදි නිවසට අවශ්‍ය ගෟහ උපකරණ, වියලි සලාක, නැවුම් එළවලු පරිත්‍යාග කිරිමද සිදු කල අතර ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්කලේය.