Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2021 12:28:57 Hours

කිළිනොචිචි භඨපිරිස්ගෙන් අවශ්‍යතා පවුලකට තවත් නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ මඟ පෙන්විම අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ ජාතින් අතර සුහඳ තාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව අඩු ආදායම්ලාභි තවත් පවුලක් සදහා 20 ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් නවතමයෙන් ඉදිකරන ලද නිවස නිවාස ලාභින්වෙත භාරදීම ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 17 වන දින සිදු කරන ලදි.

20 ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් චමින්ද කුමාර ගේ අධික්‍ෂණය මත ඒකක මුල්‍ය ආධාර සහ ශ්‍රම දායකත්වය මත නව නිවස ඉදිකල අතර මුක්කොප්පන් කිළිනොචිචි පදිංචි නිවාසලාභි උදය සූරියන් මහතාට නිවස පරිත්‍යාග කරන අවස්ථාවේදි නිවසට අවශ්‍ය ගෟහ උපකරණ, වියලි සලාක, නැවුම් එළවලු පරිත්‍යාග කිරිමටද ඒකක භටපිරිස් කටයුතු කල අතර නිවස ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්විය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගි වු අතර 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ සහ 662 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ලියනගේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේ සදහා සහභාගි විය.