Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th October 2020 16:49:49 Hours

කිළිනොචිචි හි නායකත්ව හා කණ්ඩායම් ගොඩනැගිමේ පුහුණු අධියරයේ සහතිකපත් ප්‍රධානය කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මග පෙන්වීම හා උපදෙස් මත රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50000 ක් සඳහා නායකත්වය සහ අභිප්‍රේරණ පිළිබඳ වැඩසටහන අදියර පහක් යටතේ දිවයින පුරා පිහිටි යුද හමුදා පුහුණු මධ්‍යස්ථානවල දී ආරම්භ කරන ලදී.

ඒ අනුව කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 221 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සඳහා නේවාසික පුහුණුව පූර්ණ පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථාන 03ක් තුල සාර්ථකව නිම කරන ලදි.

එම පුහුණුව අවසන් කල උපාධිධාරින් සඳහා සහතිකපත් ප්‍රධානය කිරිම කිළිනොචිචි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 03 වන දින කිලිනොච්චි හි නෙලුම් පියස ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. තවද පුහුණුව අවසන් කල උපාධිධාරීන්ට ආඥාපතිගේ සමාප්ති දේශනය තුලින් අවධාරණය කලේ සියලුම උපාධිධාරීන් ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට බලය සහ උද්යෝගය වර්ධනය කර ගෙන ඇති බවත් ආත්ම විශ්වාසයකින් යුතුව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකියාව ඇති බවත්ය.

පසුව ආඥාපති විසින් උපාධිධාරින් සමග සුහද පිළිසදරක යෙදෙමින් පාඨමාලා කාලය තුල ඔවුන්ගේ අත්දැකීම්, මිහිරි මතකයන් විවර කලේය. මෙහිදි උපාධිධාරින් විසින් තම පුහුණු කාලය තුල යුද හමුදාව විසින් ලබාදුන් සහයෝගය අගය කල අතර යුද හමුදාවට සිය ප්‍රශංසාව පල කලේය.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව සෙනරත් යාපා, 66 සහ 65 සේනාංකාධිපති වරුන්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, 571 බළසේනාධිපති මෙන්ම, අනෙකුත් බළසේනාධිපති වරුන්, අණදෙන නිළධාරින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ උපදේශකයින් සහභාගිවිය.