Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 12:46:13 Hours

තහනම් මත්ද්‍රව්‍ය තොගයක් 66 සේනාංක භටපිරිස්ගේ අත්අඩංගුවට

66 වන පාබල සේනාංකයට අනුයුක්තව රාජකාරි නියුතු 4 වන සංනද්ධ බුද්ධි බලකායේ සෙලළුන් සහ 20 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පුනරින්, සීතාකුදිරිප්පු ප්‍රදේශයෙදි කේරල ගංජා කිලෝ ගෑම් 144 කට ආසන්න ප්‍රමානයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කේරල ගංජා තොගය කලපුව හරහා කුඩා දීවර යාත්‍රිවක් මගින් සීතාකුදිරිප්පු ප්‍රදේශයට ගෙනවිත් ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ප්‍රවාහනය සදහා කැබ් රථයකට පටවමින් සිට ඇති අතර මේ සමග තිබි නීති වීරෝධි මත්පැන් ලීටර් 30ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග වාහනය සහ සැකකටයුතු පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සදහා පුනරින් පොලිසිය වෙත භාර දෙන ලදි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා ආඥාපති කිළිනොචිචි මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහගේ අධික්‍ෂණය මත කිළිනොචිචි ප්‍රදේශයේ නීති විරෝධි ක්‍රියාකාරකම් වැලැක්විම සදහා උපරිම ක්‍රියාමාර්ගයන් ගැනිමට සෙබළුන් හට උපදෙස් ලබා දී ඇත.