Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 11:02:07 Hours

පකිස්තානයේ මහකොමසාරිස් කිළිනොචිචි ආඥාපති හමුවෙයි

පකිස්තායේ ඉස්ලාමිය ජනරජයේ මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් බට්ටක් (Major General (Retd) Muhammad Saad Khattak) මහතා කිළිනොචිචි ප්‍රදෙශයේ සිදුකල සංචාරයට සමගාමිව ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපති හමුවිම 2021 ජුනි මස 30 වන දින සිදු කරන ලදි.

පකිස්තායේ ඉස්ලාමිය ජනරජයේ මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් බට්ටක් මහතාව උනුසුම්ව පිළිගත් ආඥාපති කිළිනොචිචි ප්‍රදේශයේ වර්තමාන තත්වය සහ සමාජ සුභසාධන ව්‍යාපෟති සදහා හමුදා සෙබළුන්ගේ දායකත්වය සහ සිවිල් ප්‍රජාව සදහා හමුදාවේ ආධාර උපකාර කිරිම් පිළිබඳව මහකොසාරිස් වරයාව දැනුවත් කල අතර සිව්ල් පුදිගලයින් සහ හමුදා සෙබළුන් අතර පවත්නා සබඳතා පිළිබඳව කොමසාරිස් වරයා සතුට පල කරන ලදි.

මෙම අවස්ථාවට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක ආචාර්ය අසේල වික්‍රමසිංහ, පොලිස් පරිසර ආරක්‍ෂණ හා බස්නාහිර පළාත් පොලිස් පරිසර ආරක්‍ෂණ අධ්‍යක්‍ෂ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්‍ෂ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් දීපාල් හතුරසිංහ සහභාගී වූහ. සමරු තිළිණ හුවමාරු කිරීමෙන් අනතුරුව මෙම සුහද හමුව අවසන් විය.