Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

18th July 2021 10:57:09 Hours

පකිස්තානයේ මහකොමසාරිස් ගේ ප්‍රධානත්වයෙන් කිළිනොචිචි ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර බෙදාදෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් පරිදි 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීම මත කිළිනොචිචි ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම් පවුල් සදහා වියලි සලාක බෙදාදීමේ වැඩසටහනක් 2021 ජුනි 29 වන දින පකිස්තායේ ඉස්ලාමිය ජනරජයේ මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් බට්ටක් (Major General (Retd) Muhammad Saad Khattak) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

කිළිනොචිචි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩසටහන මගින් කොවිඩ් - 19 වෛරසය පාලනය කිරිම සදහා සීමාවන් පැනවීම හේතුවෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දුන් හදුනාගත් පවුල් 150 ක් සදහා රු 3000.00 ක වටිනා කමකින් යුතු ආහාර මළු බෙදාදුන් අතර අත්‍යවශ්‍ය භාණ්ඩ, ඇසුරුම් 30 ක් ප්‍රධාන අරාධිතයා විසින් බෙදා දෙන ලදි.

මෙම අවස්ථාවට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක ආචාර්ය අසේල වික්‍රමසිංහ, පොලිස් පරිසර ආරක්‍ෂණ හා බස්නාහිර පළාත් පොලිස් පරිසර ආරක්‍ෂණ අධ්‍යක්‍ෂ - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්‍ෂ, 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායක, ඉදිරිනඩත්තු ප්‍රදෙශ කිලිනොචිචි ආඥාපති බ්‍රිගේඩියර් නිලාම් හේරත්, 573 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් මනොජ් මදුරප්පෙරුම ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරින් කොවිඩි - 19 සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව සහභාගි වන ලදි.