Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 20:04:29 Hours

ප්‍රනරින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සදහා 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්ගෙන් නව නිවසක්

යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ මඟ පෙන්විම අනුව අඩු ආදායම්ලාභි දිලිදු පවුල් වල ජිවන තත්වය ඉහල නැංවිමට සහ ජාතින් අතර සුහඳ තාවය සහ සමගිය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව අඩු ආදායම්ලාභි තවත් පවුලක් සදහා 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නව තමයෙන් ඉදිකරන ලද නිවස මඩුවිල්නාඩු, කිළිනොචිචි හි රාමනාදන් මනිවත්තන් මහතාට පරිත්‍යාග කිරිම ආරක්‍ෂක සේනා කිළිනොචිචි ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 16 වන දින සිදු කරන ලදි.

24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි මේජර් එස්එච්එස් කුමාරසිංහ යුඑස්පි පිඑස්සී ගේ අධික්‍ෂණය මත ඒකක මුල්‍ය ආධාර සහ ශ්‍රම දායකත්වය මත නව නිවස ඉදිකල අතර නිවාසලාභි රාමනාදන් මනිවත්තන් මහතාට නිවස පරිත්‍යාග කරන අවස්ථාවේදි නිවසට අවශ්‍ය ගෟහ උපකරණ, වියලි සලාක, නැවුම් එළවලු පරිත්‍යාග කිරිමටද ඒකක භටපිරිස් කටයුතු කල අතර නිවස ඉදිකිරිම් සදහා සහභාගි වන ලද භඨපිරිස් ආඥාපතිගේ ඇගයීමට ලක්විය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගි වු අතර 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් දිසානායකගේ සහ 663 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන් ලියනගම, පුනරින් ප්‍රාදේශිය ලේකම්, පුනරින් පොල්ස් ස්ථානාධිපති සහ භටපිරිස් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේ සදහා සහභාගි විය.