Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd May 2018 08:36:47 Hours

2018 වෙසක් අසිරිය කිලිනොච්චියේදි මෙවරත්

සම්බුදු තෙමගුල සිහිපත් කරමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු වෙසක් කළාපය 2018.04.29 හා 30 දෙදින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස්, ඉදිරි නඩත්තු ප්‍රදෙශ ආඥාපති බ්‍රිගේඩියර් ඉන්දජිත් විද්‍යානන්ද, 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලක, බළසේනංකාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ අධික්ෂණය යටතේ කිලිනොච්චි යුද හමුදාව විසින් මෙම වෙසක් කළාපය සංවිධානය කරනු ලැබිය.

2018.04.29 වන දින කිලිනොච්චිය වෙසක් කලාපයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ කිලිනොච්චි අතිරේක දිසාපති එස් එස් සත්‍යශීලන් ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස වෙසක් කලාපය විවෘත කරන ලදී.

2018.04.30 වන දින වෙසක් කළාපයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ඉදිරි නඩත්තු පෙදෙස කිලිනොච්චි ආඥාපති බ්‍රිගේඩියර් ඉන්දජිත් විද්‍යානන්ද සහ 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දිප්ති ජයතිලක සහභාගි වු අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් වෙසක් කලාපය විවෘත කරන ලදී.

වෙසක් අසිරිය වර්ණවත් කරමින් පහන් කුඩු ප්‍රදර්ශණය, වෙසක් බැති ගී පැවැත්වු අතර, දැක බලා ගැනිම සදහා සිවිල් වැසියන් 10000 අධික ප්‍රමාණයක් ජාති, ආගම් බෙදයන්ගෙන් තොරව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලිය ක්‍රිඩාංගනය වෙත පැමින සිටිය අතර, යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබු මහා බත් දන්සල සදහාද පැමිණ සිටි සිවිල් වැසියන් සහභාගිවිය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ කිලිනොච්චි සිවිල් ආරක්‍ෂක බළකාය විසින් වෙසක් කළාපය අලංකාරවත් කිරිම සදහා පුර්ණ සහයෝගය ලබාදෙන ලදි.