Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

11th May 2018 07:41:16 Hours

66 වන සේනාංකයේ වෙසක් කළාපය පුනරින් බළකොටුවේදි

බුදු රජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිහිපත් කරමින් 66 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු වෙසක් කළාපය 2018.05.05 සහ 06 යන දිනියන්හි පුනරින් බළකොටුවේදි පවත්වන ලදි.

66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ උපදෙස් පරිදි 651,652,653 බළසේනාංකයන්හි බළසේනංකාධිපතිවරුන්ගේ,ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ සහ ඒකක අණදෙන නිළධාරින්ගේ අධික්ෂණය යටතේ එම සේනාංකයේ සෙබලුන් විසින් සංවිධානය කරන ලදි.

වෙසක් කළාපයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක සහ ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි බ්‍රිගේඩියර් ජගත් රත්නායක සහභාගි වු අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් වෙසක් කළාපයේ විදුලි ආලෝකයද විවෘත කරනු ලැබිය.

වෙසක් උත්සවය අලංකාරවත් කරමින් වෙසක් පහන් කුඩු ප්‍රදර්ශණය සහ වෙසක් බැති ගී ප්‍රශංගයක්ද පැවැත්වු අතර, යාපනය නාවට්කුලි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියන් විසින් සිංහල හා දෙමල බසින් මෙම බැති ගී ප්‍රශංගය ඉදිරිපත් කරන ලදි.

තවද වෙසක් උත්සවය නැරබිම සදහා සිවිල් වැසියන් 900 අධික ප්‍රමාණයක් සහභාගි වු අතර, වෙසක් උත්සවය සදහා පැමිණ සිටි සියලු දෙනා වෙත 66 වන සේනාංකය විසින් මහා බත් දන්සලක්ද සංවිධානය කර තිබිනි.

මෙම වෙසක් උත්සවය සදහා බළසේනංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින් සහ සෙසු නිළයින් ඇතුලු ප්‍ර‍දේශයේ සිවිල් වැසියන් සහභාගිවන ලදි.