Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

14th May 2018 22:22:56 Hours

57 වන සේනංකය ප්‍රධානත්වයෙන් සිවිල් වැසියන් වෙත බිජ / මල් පැළ බෙදාදිමක්

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණය මත 571 බළසේනාවට අයත් ජයන්තිනගර් සහ තිරුනගර් ග්‍රාමසේවා කොට්ඨාශ බළප්‍රදේශයන්හි සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර සුහදත්වය වර්ධනය කිරිම හා ඔහුන්ගේ ජිවන තත්වයන් ඉහල නැංවිම අරමුණින් මෙම පැළ බෙදාදිම 2018.05.02 සහ 05 වන දින සිදුකරන ලදි.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සඳහා 7 ශ්‍රිලපාහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ජයන්තිනගර් සහ තිරුනගර් ප්‍රදේශයන්හි තෝරාගත් සිවිල් වැසියන් 170 දෙනෙකු අතර,කොස් පැළ 300 ක් සහ මල් පැළ වර්ග 5275ක් බෙදාදෙන ලදි.