Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th May 2018 12:18:16 Hours

කිලිනොච්චිය අඩු ආදායම්ලාභී පවුල් සදහා පැළ බෙදා දිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි යටතේ ස්ථාපිත 57 වන සේනාංකයයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මගපෙන්විම මත 572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලාල් විජේතුංග අධීක්ෂණය යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෝඩ්ඩිඅඩි ප්‍රදේශයෙ තොරාගත් පවුල් අතර, ඔවුන්ගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීම පිණිස ආර්ථීක වටිනාකමකින් යුත් මෙම පැළ බෙදාදිම 2018 මැයි මස 05 වන දින සිදුකරන ලදි.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන 6 වන සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් තෝරාගත් පවුල් 275 දෙනෙකු අතර, කොස් පැළ 1500ක් බෙදාදෙන ලදි.