Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th May 2018 12:21:13 Hours

යුද්ධ හමුදාව විසින් කිලිනොච්චි සිවිල් ජනතාව සඳහා දන්ත වෛද්‍ය සායනයක් පැවැත්විම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් වලට අනුව සිවිල් වැසියන් සහ යුද හමුදාව අතර සමගිය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ අධීක්ෂණය මත වේරවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙනුවෙන් නොමිලේ දන්ත වෛද්‍ය සායනයක් 2018.05.12 වන දින වේරවිල් හින්දු විද්‍යලයේදි පවත්වන ලදි.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන සදහා 19 වන ගජබා රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සෙබළුන්ගේ සංවිධානයෙන් වේරවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් හා පාසල් ළමුන් 132කට වැඩි පිරිසක් වෙත දන්ත සායනයක් හා වෛද්‍ය සායනක් පැවැත්වු අතර, කිලිනොච්චි මහ රෝහලේ දන්ත වෛද්‍ය නිළධාරිණි වෛද්‍ය මධුවන්ති මහත්මිය සහ වෛද්‍ය බාලකුමාර් මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය සහ වේරවිල් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය වරුන් ඇතුළු එම කාර්ය මණ්ඩලය විසින් මෙම මහගු සත්කාරය සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 663 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ලසන්ත රොද්‍රගු සහභාගිවු අතර, එම ප්‍රදේශයේ පුජකවරුන් සහ ඒකක අණදෙන නිළධාරින් ඇතුළු වේරවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ පාසල් ලමුන් සහභාගි වන ලදි.