Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

20th May 2018 09:44:44 Hours

ජාතික රණවිරු අනුස්මරණ දිනය සැමරිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදු සියළුදෙනා සිහිකිරිමේ අනුස්මරණ උත්සවයක් 2018.05.18 වන දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි පවත්වන ලදි.

රට වෙනුවෙන් දිවි පිදු සියළු දෙනා වෙනුවෙන් පවත්වන ලැබු අනුස්මරණ උත්සවයේදි යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව ධජයන් එසවිම, ජාතික ගීය ගායනා කිරිම, යුද්ධ හමුදා ගිතය ගායනා කිරිම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවිමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමන් විසින් අනුස්මරණ උත්සවය පිළිබඳ මැනවින් පැහැදිලි දේශණයක්ද පවත්වන ලදි.

තවද මෙම අනුස්මරණ උත්සවයට සමගාමිව 2018.05.18 වන දින සන්ද්‍යාවේ ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි ලුම්බිණි විහාරවාසි නායක ස්වාමින් වහන්සේ වැඩමවා සියළුම මියගිය අයවළුන් සහ ආබාධිත තත්වයට පත්වුන සියළු දෙනා වෙනුවෙන් බෝධිපූජා පිංකමක් පවත්වන ලදි.