Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th May 2018 23:45:20 Hours

කිලිනොච්චි හමුදා සෙබළුන් විසින් ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විම

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස්වලට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස්ගේ අධික්ෂණය යටතේ 651 සහ 652 බළසේනාවේ සෙබලුන් විසින් ශ්‍රමදාන වැඩසටහනක් 2018.05.19 සහ 21 වන දින සිදුකරන ලදි.

651 බළසේනා මුලස්ථානය යටතේ ඇති 11 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් මුලංකාවිල් කලේයිමගල් පෙර පාසල් අවට භූමිය ශුද්ධ පවිත්‍ර කරන ලද අතර, 652 බළසේනා මුලස්ථානය යටතේ ඇති 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් අමතියපුරම් අම්මාන් කෝවිල් ගොඩනැගිල්ල සහ එය අවට භූමිය ශුද්ධ පවිත්‍ර කරන ලදි.