Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2018 16:48:55 Hours

66 වන සේනාංකයේ භඨ පිරිස් විසින් වන්නේරිකුලම් ප්‍රාථමික රෝහලේ වාට්ටු සංකිරණය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු විවෘත කෙරේ

සංහිඳියාව සහ සහජිවනය ඇති කිරිමේ තවත් පියවරක ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ අධික්‍ෂණය යටතේ එම සේනාංකයේ භඨ පිරිස් විසින් ප්‍රතිසංස්කරණ කරන ලද වන්නේරිකුලම් රෝහල් වාට්ටු සංකිරණය 2018 ජුලි මස 28 වන දින විවෘත කරනු ලැබීය.

ප්‍රතිසංස්කරණ කරන ලද වාට්ටු සංකිරණය විවෘත කිරිමේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවන විය.

මෙම ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු සදහා 19 වන ගජබා රෙජිමේන්තුවේ භඨ පිරිස් හා 2 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨ පිරිස්ගේ පුර්ණ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදි.

උත්සවය සඳහා බලසේනාධිපතිවරුන්,යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෛද්‍යවරුන් සහ එම කාර්ය මණ්ඩලය ඇතුලු ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගිවන ලද අතර පැමිණ සිටි සිවිල් වැසියන් විසින් යුද හමුදාව වෙතින් සිදුකරනු ලබන වැඩසටහන් පිළිබදව ස්තුතිය පුද කර සිටින ලදි.