Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th July 2018 16:53:44 Hours

කිලිනොච්චි යුද හමුදාව විසින් සිවිල් වැසියන් සදහා ජංගම වෛද්‍ය සායනයක් පැවැත්විම

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලකගේ අධික්‍ෂණය යටතේ 663 වන බළසේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා භඨ පිරිස්හි සම්බන්ධීකරණයෙන් සිවිල් වැසියන් සඳහා ජංගම දන්ත වෛද්‍ය සහ බෝ නොවන රෝග පිළිබද සායනයක් ජයපුරම් විද්‍යාලයේදි 2018 ජුලි මස 28 වන දින පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන 663 වන බළසේනාවේ බළසේනාධිපති කර්නල් ලසන්ත රුද්‍රගො සහ ප්‍රදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යලයේ හා කිලිනොච්චි දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍ය කුමාරවේල්, වෛද්‍ය මධුවන්ති, වෛද්‍ය බාලකුමාර,වෛද්යර හම්ලට්, වෛද්‍ය උපේකා, වෛද්‍ය රුසිරු, වෛද්‍ය දමින්ද යන වෛද්‍යවරුන් සමඟ සම්බන්ධිකරණයෙන් යුතුව පවත්වනු ලැබීය.

663 වන බලසේනාව යටතේ ස්ථාපිත 2 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨ පිරිස් විසින් පැවැත්වූ මෙම වෛද්‍ය සායනයේ දී ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් පරික්‍ෂාවට ලක් කළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගිවු අතර, 663 වන බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ලසන්ත රුද්‍රගො යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, යුද හමුදා සාමාජිකයින් ඇතුළු සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම වෛද්‍ය සායනය සඳහා එක්ව සිටියහ.

සහභාගි වූ ඇතැම් පුද්ගලයින් හට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිර්දේශයන් සහ උපදෙස් ද මෙහිදි ලබාදී ඇත.